Friday, April 26, 2024

General line - 0115112241

විරෝධතා මධ්‍යයේ අමෙරිකානු ජනපති ස්කොට්ලන්තයට පැමිණෙයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




දෙදින එංගලන්ත සංචාරය අවසන් කළ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අද (14) ස්කෝට්ලන්තයට පැමිණියා. ඒ සිය බිරිඳ වන මෙලේනියා ට‍්‍රම්ප් ද සමගයි.

ස්කොට්ලන්තය ජනාධිපති ට‍්‍රම්ප්ගේ මවගේ උපන් රට වනවා. ඒ අනුව සති අන්තයේදී ජනාධිපතිවරයා ස්කොට්ලන්තයේ සුපිරි හෝටලයක නවාතැන් ගැනීමට නියමිත බවයි විදෙස් වාර්තවල දැක්වෙන්නේ.

ජනාධිපතිවරයාගේ පැමිණීමට එරෙහිව එංගලන්තයේ ලන්ඩන් අගනුවර දී මෙන්ම ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර සහ ජෝර්ජ් චතුරස‍්‍රය අවට ප‍්‍රබල මහජන විරෝධතා පැවැත්වෙන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.