Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්




සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට්  තරග ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ ලකුණු 278කින්

ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 190කට සීමා කළ දකුණු අප්‍රකාවේ ජයග්‍රාහී ඉලක්කය වූයේ ලකුණු 352කි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර ඔවුන් සිය ප්‍රථම ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 287ක් ලබාගත්තා. ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩාකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 126ක් පමණයි.

පළමු ඉනිමේදී මෙන්ම දෙවන ඉනිමේදීද දකුණු අපි‍්‍රකානු පිතිකරුවන්ට ප‍්‍රබල අභියෝගයක්වීමට ශී‍්‍ර ලංකා දගපන්දු යවන්නන් සමත් වුණා. දකුණු අපි‍්‍රකානු දෙවන ඉනිමේ සියළු කඩුළු දවා ගත්තේද ශී‍්‍ර ලංකා දග පන්දු යවන්නන් විසින්. දිල්රුවන් පෙරේරා ලකුණු 32 කට කඩුළු 6 යි. රංගන හේරත් කඩුළු 3 ක් සහ ලක්‍ෂාන් සදකැන් එක් කඩුල්ලක් දවා ගත්තා. තරගයේ වීරයා වූයේ ඉනිම දෙකේදීම විශිෂ්ඨ පිතිහරඹයක යෙදුණු දිමුත් කරුණාරත්නයි.