Thursday, April 25, 2024

General line - 0115112241

ග්‍රීන්ලන්තයේ වෙරළ ආසන්නයට දැවැන්ත අයිස් කුටියක් (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ග්‍රීන්ලන්තයේ බටහිර දිග වෙරළ ආසන්නයට දැවැන්ත අයිස් කුට්ටියක් පාවී ඒම හේතුවෙන් ඒ ආසන්න ප්‍රදේශයේ ජනතාව ඉවත් කර ඇති බව BBC පුවත් සේවය වාර්තා කර සිටිනවා.

මෙම අයිස් කුට්ටිය පුපුරා ගියහොත් අතිවන උදම් රළ පහරෙන් නිවාස යටවීමේ අවධානමක් පවතින හෙයින් වෙරළ ආසන්නයේ සිටින පුද්ගලයින් 196 දෙනෙක් මෙලෙස ඉවත් කර තිබෙනවා.

" පාවී ආ අයිස් කුට්ටිය රාත්‍රී කාලය පුරාම ඒ අසලම නොසෙල්වී තිබුනා. මෙතරම් විශාල අයිස් කුට්ටියක් මිට පෙර දැක නැහැ" යනුවෙන් ග්‍රීන්ලන්ත බලධාරින් සදහන් කර සිටියා.

බලධාරීන් සදහන් කරන්නේ පාවී ආ අයිස් කන්දේ පැලුම් දක්නට ලැබෙන බවත් එය මොනයම් හෝ අවස්ථාවක එය පුපුරා කඩා වැටීමට ඉඩ ඇති බවයි. යම් හෙයකින් මෙම අයිස් කුට්ටිය කඩා වැටුනහොත් සුනාමි තත්ත්වයක් පවා ඇති විය හැකි බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

විද්‍යාඥයින් පවසන්නේ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ග්ලැසිර දියවීම නිසා ඉදිරියේදී මෙවැනි ගැටළු මතුවිය හැකි බව පෙන්වා තිබෙනවා.