Friday, April 26, 2024

General line - 0115112241

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 3 වන ස්ථානය බෙල්ජියමය උදුරා ගනී (VIDEO)

කසුන් කැළුම් - අන්තර්ජාලය ඇසුරෙන්




2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 3 වන ස්ථානය දිනා ගැනීමට බෙල්ජියම ඊයේ (14) රාති‍්‍රයේ සමත් වුණා.

එ් 3 වන ස්ථානය සඳහා පැවති තරගයේදී එංගලන්තය ගෝල 2 ට බින්දුවක් ලෙස පරාජය කරමින්.

ලෝක කුසලාන පාපන්දු තරගාවලි ඉතිහාසයේ බෙල්ජියම දැක්වූ ඉහළ දක්ෂතාව මෙය වනවා.

1986 වසරේදී සිව්වන ස්ථානය දිනා ගැනීමට ඔවුන් මීට පෙර දක්වා තිබූ ඉහළ දක්ෂතාවයි.

සිව්වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින් පළමු අර්ධය නිමා වන විට පෙරමුණ ගැනීමට බෙල්ජියම සමත් වුණා. දෙවන අර්ධයේ  82 වන මිනිත්තුවේදී තවත් ගෝලයක් වාර්තා කරමින් බෙල්ජියම මෙම ඉතිහාස ගත ජයග‍්‍රහණය වාර්තා කිරීමට සමත්වුණා.

(වීඩියෝව මෙතැනින් නරඹන්න)