Friday, April 19, 2024

General line - 0115112241

පළමු වැන්නා සංගා - දෙවැන්නා දෝනි

කසුන් කැළුම් - අන්තර්ජාලය ඇසුරෙන්




එක් දින ලකුණු දස දහසේ සීමාව පසු කළ සිව්වන ඉන්දීය පිතිකරුවා ලෙස මහේන්ද්‍ර සිං දෝණි ඊයේ (14) වාර්තා පොත් අතරට එක්වුණා.

ඒ සත්කාරක එංගලන්තය සමග පැවැති දෙවන එක්දින කි‍්‍රකට් තරගයේදීයි.

කෙසේ වෙතත් මෙම තරගය එංගලන්තය හමුවේ ඉන්දියාව ලකුණු 86කින් පරාජයට පත්වුණා. මහේන්ද්‍ර සිං දෝනි එහිදී ලකුණු 37ක් රැස් කළ අතර ඔහු මෙහිදී වාර්තා පොත් අතරට එක්වුණේ  එක් දින ලකුණු දස දහසේ සීමාව පසු කළ ලොව 12වන කී‍්‍රඩකයා ලෙසයි.

එක් දින ලකුණු දස දහසේ සීමාව පසු කළ ලොව දෙවන කඩුළු රකින්නා වන්නේද මහේන්ද්‍ර සිං දෝණියි. එවැනි දස්කමක් දැක්වූ ලොව පළමු කඩුළු රකින්නා වන්නේ කුමාර් සංගක්කාරයි.