Friday, April 19, 2024

General line - 0115112241

ප්‍රබල ප්‍රතිවාදියෙක් නෑ කියමින් ට්‍රම්ප් යළිත් සටනට සැරසෙයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තමන් යළිත් වරක් අමෙරිකාවේ ජනාධිපති ධූරයට තරග වදින බවට ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ සිය දෙදින එංගලන්ත නිල සංචාරය අතරතුරදී එරට පුවත්පතක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති ට‍්‍රම්ප් මේ බව හෙළි කර ඇති බවයි.

එම පුවත්පත වාර්තා කරන අන්දමට ජනාධිපතිවරයා පවසා ඇත්තේ සියලූ රට වැසියන් හට තමාව අවශ්‍ය බැවින් යළිත් 2020 වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණයටද තරග වදින බවයි. එසේම තමන් පරාජය කළ හැකි කිසිඳු ප‍්‍රතිවාදී අපේක්ෂකයෙකු ප‍්‍රතිවිරුද්ධ ඩිමොක‍්‍රටික් පක්ෂය තුළ නොමැති බවද ජනාධිපති ට‍්‍රම්ප් එහිදී අවධාරණය කර තිබෙනවා.

මේ වනවිට ස්කොට්ලන්තයේ සංචාරයකට එක්ව සිටින අමෙරිකානු ජනාධිපතිවරයා අද පස්වරුවේ ෆින්ලන්තය බලා පිටත්ව යාමට නියමිතයි. හෙට දිනයේදි ෆින්න්තයේ පැවැත්වෙන  ජාත්‍යන්තර හමුවකට සහභාගි වන ජනාධිපති ට‍්‍රම්ප්, එහිදී රුසියානු ජනාධිපති ව්ලැදිර් පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව විදෙස් වාර්තාවන්හි සඳහන්.