Wednesday, April 17, 2024

General line - 0115112241

දරුවාට මත්පැන් පෙවූ පියා ඇතුළු පිරිස රිමාන්ඩ් (UPDATE)

ඉෂාර සුපෙම් මානගේ/දිනුක් හේවාවිතාරණ




දරුවෙකුට මත්පැන් පෙවූ චෝදනාව මත අත්අඩංගුවට ගත් පියා ඇතුළු 04 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අනුව සැකකරුවන් පිරිස ලබන මස 01 වැනිදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියම කර ඇත්තේ.

------------------------------

දරුවාට මත්පැන් පෙවූ පියා ඇතුළු පිරිස අත්අඩංගුවට - සිදු කළ වරද ගැනත් පොලිසියෙන් පැහැදිළි කරයි  (UPDATE)

(17-07-2018 13:00)

 

සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අවුරුද්දයි මසක් වයසැති සිඟිති දරුවෙකුට මත්පැන් පොවන ආකාරය ඇතුලත් වීඩියෝ දර්ශනවල සිටින කුඩා දරුවාගේ පියා ඇතුළු 04 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගලෑව පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර සැකකරුවන් හෙට (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ළමයින් කෲරත්වයට පත් කිරීමේ වරද යටතේයි.

---------------------------

දරුවාට බීර පෙවූ පියා අනුරාධපුරයෙන් මතුවෙයි (UPDATE)

16-07-2018 21:36

 

සිය මිතුරන් සමග සාදයක් පවත්වන අතරවාරයේදී තම කුඩා දරුවාට බිර පෙවූ පියා අනුරාධපුරය, මීගැලෑව ප්‍රදේශයේදී පොලිසිය විසින් අද (16) සොයා ගෙන තිබෙනවා.

දරුවාට බිර පෙවූ සැකකාර පියාගෙන් පොලිසිය විසින් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කලේ.

පසුගිය 14 වනදා සවස මෙම සිදුවිම වී ඇති බවත් බිර පෙවූ මාස මාස 13 ක් වයසැති දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සදහා අනුරාධපුර අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් අධිකාරි රුවන් ගුණසේකර වැඩිදුරටත් කියා සිටියේ.

...............................................................................................................................................................

සිය මිතුරන් සමග මත්පැන් පානය කරන පියෙකු සිඟිති දරුවෙකු ළඟ තබාගෙන මිතුරන් හා එක්ව එම දරුවාට මත්පැන් පොවන වීඩියෝවක් මේ දිනවල සමාජජාල මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා.

මෙම වීඩියෝව දකින බොහෝ දෙනා අදහස් පළ කරමින් සඳහන් කර ඇත්තේ මෙවැනි ක්‍රියා ළමා අපචාර ලෙස නීතියෙන් හැඳින්වෙන බැවින් මෙම පුද්ගලයන් නිතීය ඉදිරියට පමුණුවා දඬුවම් ලබා දීමටද කටයුතු කළ යුතු බවයි.

nethnews.lk අදාළ වීඩියෝව පොලිස් මාධ්‍ය අංශය වෙත යොමු කිරීමට කටයුතු කළා.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි. 

(වීඩියෝව පහතින් දැක්වෙයි)