Thursday, April 25, 2024

General line - 0115112241

පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරගයට පෙරම ක්‍රොඒෂියාව ජය සමරයි (VIDEO)

තරංග රුක්ෂාන් ජයසේකර




අද (15) පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයෙන් ජයගන්නේ තම කණ්ඩායම බව ක්‍රොඒෂියාව ප‍්‍රකාශ කර තිබෙනවා. මෙවර තරගාවලියේ ශූරයින් තම රට බව ක්‍රොඒෂියා පුවත්පත් අද වාර්තා කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට පුවත්පත් සියල්ලේම මුල්පිටු අද පිරී ගොස් තිබුණේ අද පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගය පිළිබ`දවයි. ක්‍රොඒෂියා කණ්ඩායමේ අද ප‍්‍රතිවාදියා වන්නේ ප‍්‍රංශ කණ්ඩායමයි. තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් අද රාත‍්‍රී 08:30ට ආරම්භ වීමට නියමිතයි.

ගත වූ වසර විස්සක කාලය තුළ පාපන්දු අවසන් මහා තරගයට ප‍්‍රංශය සුදුසුකම් ලැබූ 03 වන අවස්ථාව මෙය වන අතර ක්‍රොඒෂියාව අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වනවා.