Thursday, April 25, 2024

General line - 0115112241

මෙතෙක් ලොවටම අභිරහසක් වූ මමිකරණය සිදුකළ ස්ථානයක් හෙළි වෙයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




ඊජිප්තු අගනුවර වන කයිරෝවට දකුණු දිගින් පිහිටි පෞරාණික ස්ථානයක් වන නෙක්රෝපොලිස් හිදී සිදුකළ ගවේෂණයකදී මමිකරණය සිදුකළ ස්ථානයක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් සමත්ව තිබෙනවා. ඔවුන් සදහන් කරන්නේ එම ස්ථානය වසර 2500 කට වඩා පැරණි බවයි.

මමිකරණය සිදුකල ස්ථානයක් හමුවූ මුල්ම අවස්ථාව මෙය බවටයි සැලකෙන්නේ.

මෙම ස්ථානය පැරණි ඊජිප්තුවේ අගනුවර ලෙස සැලකෙන මෙම්ෆිස් හි පිහිටා ඇති අතර එයට ආසන්නයේ තිබී මමී (මල සිරුරු) තැන්පත් කරන ලද සොහොන් ගැබක් ද සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් සමත්ව තිබෙනවා. 

යුනෙස්කෝව විසින් නම් කරන ලද ලෝක උරුමයක් ලෙස සලකන නෙක්රෝපොලිස් හි ලෝකප්‍රකට ගීසා පිරිමිඩ 03 ආසන්නයේ මෙම මමිකරණය සිදුකළ ස්ථානය සොයා ගෙන ඇත්තේ වසර 100 කට පසුව සිදුකළ කැනීම් වලින් අනතුරුවයි.

එම ස්ථානයේ තිබී විශාල මැටි බඳුන් පවා හමුවී ඇති අතර පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ මියගිය පුද්ගලයින් මමිකරණයට ලක් කරන විට මිනිස් සිරුරු වලින් ඉවත් කරන බාහිර ඉන්ද්‍රියන් වියලීම සදහා එම මැටි බදුන් යොදා ගන්නට ඇති බවයි. අනෙක් මැටි බදුන් වල මමී සදහා ගලවන ලද රසායන ද්‍රවයන් අසුරා තබන්නට ඇති බව  පුරාවිද්‍යාඥයින්  විශ්වාස කරනවා.

ලොව පළමු වරට පුරාතන ඊජිප්තුවේ සිදුවූ මමිකරණය පිළිබඳව කරුණු සොයා ගැනීමට සහ ඒ සදහා යොදා ගන්නා ලද අප්‍රකට රසායනික ද්‍රාවනයන් මොනවාද යන්න ගැන තොරතුරු මෙම ස්ථානයෙන් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බව  පුරාවිද්‍යාඥයින් විශ්වාසය පලකර සිටිනවා.