Friday, March 29, 2024

General line - 0115112241

සියලූ බෝගවලට ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම ගැන මතභේද




ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට මතභේදාත්මක තත්වයක් මතුව තිබෙනවා. ඒ, පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් හේතුවෙන්. එහි දැක්වෙන්නේ සියලූ බෝග සඳහා පනවා තිබූ ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර ඇති බවයි. එහෙත් ඉකුත්දා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදුන්නේ තේ සහ රබර් යන බෝග සඳහා පමණක් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමටයි. 

මේ පිළිබඳව අදහස් දැක්වූ සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ කැබිනට් තීන්දුවලට පරිබාහිරව හිතුමනාපයට ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයාට කිසිදු හැකියාවක් නොමැති බවයි. 2015 දී සියලූ බෝග සඳහා බලපැවැත්වෙන පරිදි  ග්ලයිෆොසෙට් තහනම පනවා තිබුණා. එය 2017 වසරේදී තේ සහ රබර් යන බෝග සඳහා පමණක් ඉවත් කෙරුණේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුවයි. 

කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ තේ සහ රබර් යන බෝග සඳහා පමණක් එම තහනම ඉවත් කිරීමට මිස සියලූ බෝගවලට නොවන බවයි සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ. කිසිදු නිලධාරියෙකුට කැබිනට් තීරණවලට පිටින් ක‍්‍රියා කළ නොහැකි බවද ඔහු අවධාරණය කළා.