Friday, March 29, 2024

General line - 0115112241

පාපන්දු ලෝක කුසලානයට ප්‍රංශය සමග ක්‍රොඒෂියාව ගැටෙයි (PHOTOS)

තරංග රුක්ෂාන් ජයසේකර




ලොවක් බලා සිටින 21 වන පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගය ආරම්භ කිරීම සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම්. තරගය පැවැත්වෙන්නේ ප‍්‍රංශය සහ ක්‍රොඒෂියාව අතරයි. අවසන් තරගය පැවැත්වෙන රුසියාවේ මොස්කව් නුවර ක‍්‍රීඩාංගණය මේ වනවිට ද පිරී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

තරගය ආරම්භ වීමටත් පෙර ලෝකයේම නෙත් තමන් වෙත නතු කර ගැනීමට ක්‍රොඒෂියාව දැනටමත් කටයුතු කර අවසන්. ඒ, එරට ක‍්‍රීඩාලෝලීන් විසින් මීටර් 100ක් දිගැති සිය රටේ ජාතික ධජයක් රුසියානු අගනුවරට රැගෙන ඒමත් සමඟයි. දෙරටේම පුවත්පත්වල මුල් පිටු අද පිරී ගොස් තිබුණේ ලෝක කුසලාන අවසන් මහා තරගය පිළිබඳවයි. 

ක්‍රොඒෂියව පළමු වරටත්, ප‍්‍රංශය තුන්වන වරටත් අවසන් මහා තරගයකට පිවිසෙන මෙවර පාපන්දු ලෝක කුසලානයේ තීරණාත්මක තරගය තවත් පැය එක හමාරකින් ආරම්භ වනවා.