Friday, April 19, 2024

General line - 0115112241

තමන්ට ඇති අත්දැකීමක් ගැන ගෝඨාභය හෙළි කරයි

කසුන් කැලුම් / තරංග රුක්ෂාන් ජයසේකර




ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිහි කිරීම සම්බන්ධයෙන් තමන්ට හොඳ අත්දැකීමක් ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු කියා සිටියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඇති වටිනාකම තමා හොඳින් හඳුනන බවයි. 

මිලිටරි පාලනයක් සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවන්ට ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙලෙස පිළිතුරු ලබාදුන්නා. 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළේ හලාවත මාදම්පේ ප‍්‍රදේශයේ දී එළිය සංවිධානය අද (15) කැඳවූ වැඩසටහනකට එක්වෙමින්.