Thursday, March 28, 2024

General line - 0115112241

ලෝක ශූරයින් පැරදූ ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් පිලට ඉතිහාස ගත ජයක්

කසුන් කැලුම්




ඉන්දීය දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් කණ්ඩායම පළමු වරට පරාජය කිරීමට ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් කණ්ඩායම අද (15) පස්වරුවේ සමත් වුණා. එ් කොළඹ බී ආර් සී පිටියේ අද පැවති එක්දින තරගය කඩුලූ 2කින් ජය ගනිමින්. වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා මෙම තරගයේ ජය තීරණය කෙරුණේ ඩක්වර්ත් සහ ලූවිස් න්‍යායට අනුවයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර ඉන්දීය දෘෂ්‍යාබාධිත කණ්ඩායම පන්දුවාර 33ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 260ක් රැස් කළා. වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඩක්වර්ත් සහ ලූවිස් න්‍යායට අනුව ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත පිලට පන්දුවාර 33ක් තුළ ලකුණු 233ක ඉලක්කයක් හිමි වුණා. ශී‍්‍ර ලංකා දෘ්‍යාබාධිත කී‍්‍රඩකයින් පන්දුවාර 28.3ක් අවසානයේ කඩුලූ 8ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් මෙම ඉතිහාස ගත ජය වාර්තා කළා.  

එක්දින සහ විස්සයි විස්ස දෂ්‍යාබාධිත ලෝක ශූරයින් වන්නේද ඉන්දීයාවයි. මෙම තරගයේදී කඩුලූ ති‍්‍රත්වයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකාව නියෝජනය කළ දිනේෂ් මතුගම සමත් වීම කැපී පෙනුනා. ඔහු වාර්තා පොතට එක් වූයේ එවැනි දස්කමක් පෑ පළමු ශී‍්‍ර ලාංකික දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙසයි.