Saturday, April 20, 2024

General line - 0115112241

කිඹුලන් 300 දෙනෙක් එලොව යැවු අමානුෂික මිනිස් ප්‍රහාරය (VIDEO/ PHOTOS සංවේදී දර්ශන සහිතයි)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




කෝපයට පත්වූ ගම්වැසියන් විසින් කිඹුලන් 300 දෙනෙක් මරා දැමීමේ පුවතක් ඉන්දුනිසියාවෙන් වාර්තා වනවා.

සිය ගවයන් සඳහා තණ කොළ කපා ගැනීමට ගිය ගම්වැසියෙක් මෙලෙස කිඹුලන්ගේ පහර කෑමට ලක්ව මිය යාමෙන් අනතුරුව කෝපයට පත් ගම්වැසියන් ඔහුගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් අනතුරුව සිය ගම්මානය අසල පිහිටි කිඹුලන් සංරක්ෂණය කරනු ලබන මධ්‍යස්ථානයකට කඩා පැන එහි සිටි කිඹුලන් 300 කට ආසන්න සංඛ්‍යාවක් මරා දමා තිබෙනවා.

සංරක්ෂිත සත්ව කොට්ඨාශයක් වන කිඹුලන් ඝාතනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර බලධාරීන් පවසන්නේ කිඹුලන් මරා දැමු පුද්ගලයින්ව එම අවස්ථාවේදී පාලනය කර ගැනීමට නොහැකිවූ බවත් අපරාධය සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එරට පොලිසිය සහ වනජීවී බලධාරීන් ප්‍රකාශ කරනවා.

මෙම සිදුවීම පසුගිය සෙනසුරාදා සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

කෝපයට පත් ගම්වැසියන් කිඹුලන්ව ලනු වලින් බැඳ තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

වඳවී ගෙන යන කිඹුලන් සංරක්ෂණය කිරීම සහ එම සතුන්ගේ අභිජනන මධ්‍යස්ථානයක් ලෙස මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.