Tuesday, April 16, 2024

General line - 0115112241

දිය නාමින් සිටියදී ගල් පෙරලීමෙන් 7 දෙනෙක් මරුට

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




දිය ඇල්ලක ඉහළ කොටසේ ඇතිවූ නාය යාමක් හේතුවෙන් එහි දිය නාමින් සිටි පුද්ගලයින් 07 දෙනෙක් මිය යාමේ පුවතක් ඉන්දියාවේ ජම්මු හා කාශ්මීර් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

නාය යාම හේතුවෙන් ජම්මු හා කාශ්මීර් ප්‍රාන්තයේ පිහිටි මෙම දිය ඇල්ලේ පහළ කොටසේ දිය නාමින් සිටි පිරිස් යට කරමින් විශාල ගල් කුට්ටි ඉහළ සිට ඇද වැටුණු බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ.

සංචාරකයින් අතර ප්‍රසිද්ධියක් උසුලන මෙම දිය ඇල්ල නැරඹීමට සති අන්තයේදී විශාල පිරිසක් පැමිණෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම සිද්ධියෙන් පුද්ගලයින් 7 දෙනෙක් මිය ගොස් තවත් 33 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඉහල සිට ඇද වැටුණු පස් හා ගල් වලට යටවී සිටින පුද්ගලයින් ඇත්දැයි සොයා මෙහෙයුම් තවදුරටත් සිදුකරන බවයි පොලිසිය සදහන් කරන්නේ.