Thursday, April 18, 2024

General line - 0115112241

පුටින් ප්‍රමාදයි- අමෙරිකානු ජනපති මග බලා සිටියි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් අතර ද්වි පාර්ශවික සාකච්ජා අද (16) ෆින්ලන්තයේදී ආරම්භ වුනා. පසුගිය සමයේදී රටවල් දෙක අතර ඇතිවූ මතභේදාත්මක සිදුවීම් රැසකින් අනතුරුව රාජ්‍ය නායකයින් දෙපල අතර ඇතිවූ සාකච්ජාව මිනිත්තු 90ක කාලයක් පැවතියා.

අමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් දෙදෙනා අතර මෙම සාකච්ජාවන් පැවතියේ ෆින්ලන්තයේ, හෙල්සින්කි අගනුවර පිහිටි ජනාධිපති මැදුරේදී වීම විශේෂත්වයක්.

ජනාධිපතිවරුන් දෙදෙනා අතර පැවැත්වෙන පෞද්ගලික සාකච්ජාවෙන් අනතුරුව දිවා භෝජන සංග්‍රහයක් පවත්වනු ලබන අතර ඉන් අනතුරුව මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතයි.

ඉතා සුහද ලෙස ජනාධිපතිවරුන් දෙදෙනා එකිනෙකාට සුබ පැතු බවත් එහිදී ජනපති ට්‍ර්ම්ප් විසින් පවසා ඇත්තේ "රුසියාව සමග එක්වීම නරකක් නොව යහපත් දෙයක් බවයි". එයට පිළිතුරු වශයෙන් ජනාධිපති පුටින් පවසා ඇත්තේ " සාකච්ජා කිරීමට හොදම කාලය එළැඹ ඇති බවයි".

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින් දෙදෙනා අතර සුහද සාකච්ජා ආරම්භ කරමින් ජනාධිපති ට්‍රම්ප් විසින් රුසියානු නායකයාට සුබ පැතුම් එක් කර තිබෙනවා. 

" අපිට බොහෝ දේ කතා කරන්න තිබෙනවා. එත් පසුගිය වසර දෙක පුරාවට අප රටවල් දෙක කිසිදු තීරණයකට එළඹුණේ නැති බවත් චීනයට මිසයිල සහ අවි ආයුධ ලබාදීම සම්බන්ධයෙන්ද සාකච්ජා කළ යුතු බව" මෙහිදී අමෙරිකානු ජනාධිපතිවරයා සාකච්ජාව ආරම්භ කරමින් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදාන් කරනවා.

ෆින්ලන්තයේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගිවීමට පැමිණි රුසියානු ජනාධිපතිවරයා මිනිත්තු 45ක් ප්‍රමාද වී ඇති අතර ඔහුගේ පැමිණීම සිදුවන තෙක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවසිල්ලෙන් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මිට පෙර දෙවන එලිසබත් රැජිණ, ශුද්ධෝත්තම පාප්වහන්සේ ඇතුළු නායකයින් රැසක් මුණ ගැසීම සදහා රුසියානු ජනාධිපතිවරයා නියමිත වෙලාවට නොපැමිණි බවත් ඔහුගේ කාල කළමනාකරණය ගැටළු සහගත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.