Friday, April 19, 2024

General line - 0115112241

ග්ලයිෆොසෙට් ගැසට් නිවේදනය ගැන ජනපතිගේ අවධානය යොමුවිය යුතුයි - රජයේ වෛද්‍ය නිලධාරින්

දිල්ශාන් තුෂාර




කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අබිභවා, සියලූ බෝග සඳහා ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවදානය යොමු විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ එම කි‍්‍රයාවලිය පිටුපස සිටින පාර්ශවයන් කවුරුන්දැයි රටට හෙළි කළ යුතු බවයි. කොළඹ අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.


මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණ වලට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.