Thursday, April 25, 2024

General line - 0115112241

ජනපති ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24වන සැසිවාරය අමතයි




තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා මුල් පියවරක් වශයෙන් දැනට පවත්නා වන ආවරණය ආරක්ෂා කර ගැනීම සඳහාත්, එය 32% ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහාත් ශී‍්‍ර ලංකාව කැපවී සිටින බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

06වන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවේ හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24වන සැසිවාරයේ විශේෂ දේශනය සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. සමුළුව අද (16) ආරම්භ වුණේ රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානයේදීයි.

සමුළුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආහාර, බලශක්ති, වාසස්ථාන ඇතුළු මිනිස් අවශ්‍යතා සපුරාලන වනාන්තර පද්ධතීන් තිරසර ලෙස කළමනාකරණය කිරීම ඉතා වැදගත් වන බවයි. 

ඒ සඳහා පුළුල් සංවාදයකට සහ තීන්දු තීරණ ගැනීමට හොඳම වේදිකාව ලෝක වන සංරක්ෂණ කමිටුව බවද ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පෙන්වා දුන්නා. ඉදිරියේදී ඇති න්‍යාය පත‍්‍රය සංකීර්ණ මෙන්ම අභියෝගාත්මක වුවද එය ජය ගැනීම සඳහා සියලූ සාමාජික රටවල් සාමූහිකව කැපවිය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.