Saturday, April 20, 2024

General line - 0115112241

පෑලියගොඩ ක‍්‍රිස්ටෝ සහ නයනජිත්ට සහය දෙන ඇමති (PHOTOS)

හේමන්ත කහවලගේ




මෙරට තුළ ක‍්‍රියාත්මක වන කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටින ප‍්‍රබල ජාවාරම්කරුවන් පිරිසකට සහය ලබාදෙන අමාත්‍යවරයෙකු පිළිබඳ තොරතුරු ලැබී තිබෙනවා.

නෙත් නිවුස් වෙත වාර්තා වන පරිදි අදාළ ජාවාරම්කරුවන් අත්අඩංගුවට පත් වූ අවස්ථාවේදී ඔවුන් මුදා හැරීමට පවා මෙම අමාත්‍යවරයා පොලිසියට බලපෑම් කර ඇතැයි සඳහන්.

අරුණ අත්තනායක නොහොත් පොලිස් නමින් හඳුන්වන එවැනි එක් අයෙකු එම අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයට සම්බන්ධව සිටින බවද වාර්තා වනවා.

ඉකුත් 03 වැනිදා කේරළ ගංජා සමග අත්අඩංගුවට පත්වූ ගිහාන් සඳරුවන් නමැත්තා මුදා හැරීමට පෑලියගොඩ නීතිය බලගැන්වීමේ ඒකකයට අදාළ අමාත්‍යවරයා බලපෑම් කර ඇති බවයි පැවසෙන්නේ.

කේරළ ගංජා ජාවාරමේ නිරත ප‍්‍රබලයින් ලෙස සැලකෙන පෑලියගොඩ ක‍්‍රිස්ටෝ සහ නයනජිත්ට මෙම අමාත්‍යවරයාගේ උදව් උපකාර ලැබෙන බවද සඳහන්. මෙම ජාවාරම්කරුවන් සිව් දෙනා ප‍්‍රබල පාතාල ක‍්‍රියාකාරීකයෙකු ලෙස සැලකෙන මල්වත්තේ මංජු නමැත්තාගේ ගෝලයින් බවයි වාර්තා වන්නේ. 

මේ අතර ඉකුත්දා යුද හමුදාපතිවරයාට ලබාදුන් සේවා දිගුව සම්බන්ධයෙන් ද මෙම අමාත්‍යවරයා ජනාධිපතිවරයාට සිය විරෝධය පළ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.