Friday, March 29, 2024

General line - 0115112241

මුහුදු ජලයේ පීඩනයක් නිසා සුනාමියක් ඇති වෙයි (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ / සුපෙම් මානගේ




ස්පාඤ්ඤයේ පිහිටි Majorca and Menorca යන සංචාරක වෙරළ කලාපයට හදිසි සුනාමි තත්ත්වයක් බලපා තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කරන්නේ මෙම හදිසි සුනාමි තත්ත්වය මුහුදු ජලයේ ඇතිවූ පීඩනයක් හේතුවෙන් හටගත් තත්ත්වයක් බවයි.

මෙම සුනාමි තත්ත්වය ඇතිවන අවස්ථාවේදී  Majorca and Menorca වෙරළ තිරයේ සංචාරකයින් බහුලව සිට ඇති අතර ගොඩබිමට කඩා වැදුනු රළ පහරවල් හේතුවෙන් අවන්හල් සහ සංචාරකයින් සිටින කුඩාරම් ආදිය ගසා ගෙන ගොස් තිබුනා.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ ඇතැම් ස්ථානවලට බලපෑ සුනාමි රළ පහරවල් අඩි 05 ක් පමණ උසින් යුක්තවූ බවයි. 

වරායේ නැංගුරම් කර තිබු ධිවර යාත්‍රාවන් පවා මුහුදේ ගසා ගෙන ගොස් තිබු අතර නාවිකයින් විසින් මහත් පරිශ්‍රමයක් දරා ධිවර යාත්‍රා බේරා ගනු දක්නට ලැබුනා. 

මෙම සිදුවීමෙන් සිදුවූ ජිවිත හානි ගැන මේ දක්වා වාර්තා වී නොමැති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.