Wednesday, April 24, 2024

General line - 0115112241

ලෝක ශූර ඉන්දීය කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා පිළ සුවිශේෂි ජයක් ලබයි

කසුන් කැළුම්




ඉන්දීයාවට එරෙහිව සිය පළමු එක්දින කි‍්‍රකට් තරගාවලි ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් කණ්ඩායම සමත් වුණා.

එ් කොළඹ බී. ආර්. සී. පිටියේ පැවති දෙවන එක්දින තරගයද කඩුලූ 7කින් ජය ගනිමින්.

එ් අනුව තරග 3කින් සමන්විත මෙම එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් කණ්ඩායම 2ට බින්දුවක් ලෙස ජය ගත්තා.

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා මෙම තරගයේ ඉනිමක් පන්දුවාර විස්සකට සීමා වූණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 4ක් දැවී ලකුණු 195ක් රැස් කළා. අජේ රෙඞ්ඩි ලකුණු 66 යි.

ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කී‍්‍රඩකයින් පන්දුවාර 17 යි පන්දු 2ක් අවසානයේ කඩුලූ 3ක් පමණක් දැවී ජයග‍්‍රාහී ඉලක්කය පසු කර යමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා. ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගිය අජිත් සිල්වා පන්දු 50කදී නොදැවී ලකුණු 90ක් රැස් කළා.

දෙරට අතර පැවති පළමු එක්දින තරගය ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් කණ්ඩායම ජය ගත්තේ කඩුළු දෙකකින්. ලෝක ශූර ඉන්දීය දෘෂ්‍යෘබාධිත කි‍්‍රකට් කණ්ඩායම මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වනවා. 1998 වසරේ  දී දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් තරග හදුන්වා දුන් අතර එතැන් සිට මේ දක්වා ශී‍්‍ර ලංකාව ඉන්දීය දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් කණ්ඩායම පරාජය කළ පළමු අවස්ථාව මෙය වනවා.