Friday, April 19, 2024

General line - 0115112241

කරාපිටිය රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ ගැටලුවට විසදුම්

ලලිත් චාමින්ද - ගාල්ල




කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාර එ්කකයේ අකි‍්‍රය වූ මධ්‍යම වායු සමිකරණය පද්ධතිය යළි සවි කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ටෙන්ඩර් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය  ජයම්පති සේනානායක නෙත් නිවුස් වෙත කියා සිටියේ මෙම වායු සමීකරණය අකි‍්‍රය වීම හේතුවෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ හෘද සැත්කම් කිරීමෙන්ද ඉවත්ව සිටි බවයි. 

මධ්‍යම වායු සමීකරණය සවි කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බැවින් යළි සැත්කම් සිදු කිරීමට පැමිණෙන තමන් ඔහුට දැන් වූ බවයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ. විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ විසින් ඉකුත් මාසයේ පමණක් හෘද සැත්කම් 43ක් සිදු කර තිබෙනවා.