Friday, April 19, 2024

General line - 0115112241

බැසිල්ට තවත් නඩුවකින් රට යන්න අවසර

අධිකරණ වාර්තාකරු




හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට තවත් නඩුවකින් විදෙස් ගතවීම සඳහා අද (17) අවසර හිමිවුණා. ඒ ඉකුත් ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 29ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදීයි.

මෙම නඩුවට අදාළව විදෙස් ගමන් තහනමට ලක්ව සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා මාස 03ක කාලයක් අමෙරිකාවට යාමට මෙහිදි අවසර හිමිවූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව ලබන අගෝස්තු මස 10 වනදා සිට ලබන නොවැම්බර් මස 10 වනදා දක්වා එම සංචාරයේ නිරත වීමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අවස්ථාව හිමිවනු ඇති.