Friday, April 19, 2024

General line - 0115112241

“Zero One Awards for Digital Excellence” අඛණ්ඩ දෙවැනි වසරටත් ශ‍්‍රී ලංකා ටෙලිකොම් වෙතින් -    අගොස්තු 15 වැනිදා දක්වා අයැදුම්පත් භාරගැනේ




මෙරට ඩිජිටල් ක්‍ෂේත‍්‍රයේ විශිෂ්ටයන් ඇගයීම සඳහා පැවැත්වෙන සම්මාන උළෙල හෙවත් 2016 වසරේදී දියත් වූ SLT Zero One Awards for Digital Excellence හී කැපී පෙනුණු සාර්ථකත්වයෙන් ජව ලබමින් 2017/ 2018 වර්ෂ සඳහාද SLT #01Awards හෙවත් SLT Zero One Awards පැවැත්වෙන බව SLT විසින් සාඩම්භරයෙන් නිවේදනය කරනු ලබයි.

SLT Zero One Awards යනු දිවයින පුරා විදිහී පැතිරී සිටින ඩිජිටල් ක්‍ෂේත‍්‍රයේ විශිෂ්ටයන් තෝරාගනිමින් ඔවුන්ව ඇගයුමට සහ සම්මානයට පාත‍්‍ර කරනු ලබන අද්වතීය වැඩසටහනකි.  මෙවර මෙම සම්මාන උළෙලේදී ව්‍යාපාර වශයෙන් හෝ තනි පුද්ගලයන් වශයෙනන් 2017/2018 වකවානුවේ ක‍්‍රියාවට නංවන ලද හොඳම ඩිජිටල් ගණයේ නිෂ්පාදනය/සේවාව (Best Digital-enabled Product/Service) ඩිජිටල් අනුබද්ධිත හොඳම ව්‍යාපාරය (Best Digital-Integrated Campaign)  හොඳම ඩිජිටල් මාධ්‍ය නියෝජිත ආයතනය (Best Digital Media Agency) , Website or Microsite සහ Best Use of Mobile  යන කාණ්ඩ ඔස්සේ සම්මාන පිරිනැමීමට නියමිතය.

‘ඩිජිටල් සේවා කර්මාන්තය සඳහා නිසි පිළිගැනීමක් ලබාදීම මගින් වෙළෙඳපොළ තුළ මෙතෙක් පැවැති අවශ්‍යතාවක් සපුරාලීමේ පැහැදිළි ඉදිරි දැක්මක් සහිතව SLT Zero One Awards ක‍්‍රියාත්මක කරමින් ඒ හරහා අදාළ ක්‍ෂේත‍්‍රයේ හඳුනාගැනීම් සිදුකිරීමට සහ එයට ආමන්ත‍්‍රණය කිරීමට අපට හැකියාව ලැබුණා. මෙය 2016 වසරේ ක‍්‍රියාත්මක වීමේදී එම අවශ්‍යතාවන් මැනවින් ඉටු වුනා. එමනිසා අප හිතුවා එම කටයුත්ත මේ වසරේත් ක‍්‍රියාත්මක කරන්න. ශ‍්‍රී ලංකාවට  ඕනෑම කර්මාන්තයක සෑම අංශයකම සුවිශේෂී දක්‍ෂතාවක් ඇති බව මම විශ්වාස කරනවා. නමුත් තාක්‍ෂණික වශයෙන් බොහෝ ලෙසින් ඉදිරියෙන් සිටින මේ යුගයේ රටක් සහ කර්මාන්තයක් ලෙසින් අප එහි සටහන් කර ඇති පියවර සහ සීමාවන් අතින් ගත්විට එය කැපීපෙනෙන තැනක පසුවෙනවා. එබැවින් එය යථාර්ථයක් බවට පත්කළ එම කැපීපෙනන නිෂ්පාදන/සේවා, ආයතනිකයන් සහ පුද්ගලයන් වෙත නිසි ඇගයුම අප විසින් ලබාදිය යුතු වෙනවා’ යැයි ශ‍්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී හී සමූහ ප‍්‍රධාන අළෙවි නිලධාරී අජන්ත සෙනවිරත්න මහතා පවසයි. 
මෙම සම්මාන සඳහා වන අයැදුම්පත් අගොස්තු මස 15 වැනිදා දක්වා භාරගැනේ. සුපුරුදු පරිදි ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් විසින් මෙම 2017/2018 සම්මාන සඳහා විනිශ්චය ලබාදෙනු ඇත. 

සම්මාන උළෙලේ විස්තර, ඇතුළත්වීමේ ක‍්‍රමවේදය, විනිශ්චය කිරීමේ ක‍්‍රමවේදය සහ ඉකුත් ජයග‍්‍රාහකයන්ගේ විස්තර ආදිය www.01awards.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැක.