Friday, April 19, 2024

General line - 0115112241

ඉදිකිරීමේ සමාගමකින් මතුවූ නිධානය

දිනුක් හේවාවිතාරණ




මහ මාර්ග ඉදිකිරීමේ කොන්ත්‍රාත් සිදුකරනු ලබන සමාගමකට අයත් කාර්යාල කිහිපයක සිදුකළ මෙහෙයුමකදී සඟවා තබා තිබු ඉන්දියානු රුපියල් කෝටි 160 ක මුදලක් සහ රත්‍රන් කිලෝග්‍රෑම් 100 ක් සොයා ගැනීමට ආදායම් බදු දෙපාර්තමේන්තුවට හැකි වීමේ පුවතක් ඉන්දියාවේ චෙන්නායි ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

රජයේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන සමාගමකට අයත් කාර්යාල කිහිපයක් ඉලක්ක කර ගනිමින් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇති බවයි NDTV පුවත් සේවය වාර්තා කරන්නේ.

ඉන්දියාවේ සිදුකළ විමර්ශනයකදී සොයා ගනු ලැබූ වැඩිම වටිනාකමකින් යුත් මුදල් හා රත්‍රන් සොයා ගැනීම මෙය වන බවයි ඉන්දීය බලධාරීන් පවසන්නේ.

විමර්ශනය සිදුකරන බලධාරීන් පවසන්නේ මෙම මුදල් ඇඳුම් බැග් තුල සගවා වාහන තුල තබා තිබු බවයි.