Saturday, April 20, 2024

General line - 0115112241

කොළඹ බාලිකා පාසල්වලත් මත්ද්‍රව්‍ය

නිශාන් ද සිල්වා




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මේ වනවිට ඇතැම් බාලිකා පාසල් පවා තම ග‍්‍රහණයට ගෙන ඇතැයි අධ්‍යයනවලින් හෙලිව තිබෙනවා. බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක පැවසුවේ විවිධ අලෙවිකරණ උපක‍්‍රම මඟීන් පාසල් සිසුන් මෙන්ම සිසුවියන් ද මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි කර ගැනීමට ජාවාරම්කරුවන් කටයුතු කරමින් සිටින බවයි. කොළඹ අද (17) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණ කෙරුණා. 

බස්නාහිර පළාතේ සංඛ්‍යා ලේඛන සැලකීමේදී දුම්පානය කරන්නන්ගේ සංඛ්‍යාව අඩු වී ඇතත් මත්පැන් පානය කරන්නන්ගේ සංඛ්‍යාව වැඩිවී තිබෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

ජාවාරම්කරුවන්ගේ අලෙවිකරණ උපක‍්‍රමවලට එරෙහිව දරු දැරියන් සහ වැඩිහිටියන් මත්ද්‍රව්‍යයන්ගෙන් බේරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ද නව අලෙවිකරණ වැඩසටහන් සිදු කරන බවද මෙම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කෙරුණා. ‘‘ බස්නාහිරින් පස්පව් දුරලමු’’ යන මැයෙන් ලබන සිකුරාදා ආරම්භ කෙරෙන ව්‍යාපෘතිය ද එවැන්නක්. මත්ද්‍රව්‍ය ජාවාරම අධෛර්ය කිරීමට අමතරව මාර්ග අනතුරු වැළැක්වීම, ඒඞ්ස් රෝගය පාලනය, බෝනොවන රෝග පාලනය සහ රෙංගු රෝගය පාලනය ද මෙම ව්‍යාපෘතියේ අරමුණු වනවා.