Friday, March 29, 2024

General line - 0115112241

සෞදියේ කාන්තාවන් නව පිම්මක් පනින්න සැරසෙයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සෞදි අරාබිය පළමු වරට කාන්තාවන්ට ගුවන් යානා පැදවීමේ පුහුණුව ලබා දීම සඳහා තීරණය කර තිබෙනවා. ඒ දශක ගණනාවක් පුරා කාන්තාවන්ට පනවා තිබු රිය පැදවීමේ නිතිය ඉවත් කර මාසයක් ගතවීමට පෙරය.

සෞදි අරාබියේ කාන්තාවන් සිය ගණනක් මේ වන විට ගුවන් යානා පැදවීමේ පුහුණුව සදහා ඔක්ස්ෆර්ඩ් ගුවන් සේවා ඇකඩමියට ඉල්ලුම් පත්‍ර යොමු කර ඇති අතර ඒ අනුව සෞදියේ ඩමාම් නගරයේ නව පුහුණු පාසලක් ඇරඹීමට කටයුතු යොදා ඇති බවයි රොයිටර් පුවත් සේවය සදහන් කරන්නේ.

සෞදියේ ඔටුන්න හිමිකුමරු වන මොහොමඩ් බින් සල්මන් විසින් කාන්තාවන්ට සම අයිතිය ලබා දීම සහ වසර 2030 වන විට ආර්ථික සංවර්ධනය සදහා කාන්තාවන්ගේ දායකත්වය ලබා ගැනීම වෙනුවෙන් දියත් කල සැලසුමේ එක් කොටසක් ලෙස මෙය හදුන්වනවා.

ගුවන් යානා පුහුණුව සදහා අරඹන ඇකඩමිය සහ සිමියුලේටරය සදහා වන ව්‍යාපෘතිය සදහා ඩොලර් මිලියන 300 ක් වැය වන බව රොයිටර් පුවත් සේවය සදහන් කරනවා.