Friday, April 26, 2024

General line - 0115112241

ගාලූ කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ අවුල කැබිනට් මණ්ඩලයට

කසුන් කැලුම්




ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය ඉවත් කිිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. එ් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ඊයේ (17) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. මෙම සාකච්ඡාව සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නියෝජිතයින් එක්ව සිටි බවයි කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි Neth Sportsmen  වෙත කියා සිටියේ. 

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සහ නාගරික සංවර්ධන අධිකාරිය නිලධාරීන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. මෙම සාකච්ඡාවේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසා ඇත්තේ ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය කිසිදු වගකිවයුතු ආයතනයක අනුමැතියකින් තොරව ඉදිකර ඇති බවයි. 

මෙම කී‍්‍රඩාංගණය ඉවත් කිරීමට අදාළ ආරම්භක යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ 2019 වසරේ දෙසැම්බර් මාසයේදීයි. ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගණය ඉවත් කිරීම පිළිබදව නිලධාරීන් වශයෙන් ප‍්‍රතිපත්තිමය තීරණයක් ගත නොහැකි බවත් එය අමාත්‍ය මණ්ඩල තීන්දුවක් හරහා ගත යුතු බවයි කී‍්‍රඩා අමාත්‍යංශ ලේකම්වරයා මෙම සාකච්ඡාවේදී පවසා ඇත්තේ. මේ වන විට විදෙස් ගතව සිටින කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා දිවයිනට පැමිණි පසු තමන් එ් පිිළිබද දැනුම් දෙන බව කී‍්‍රඩා අමාත්‍ය ලේකම් කමල් පද්මසිරි Neth Sportsmen වෙත ප‍්‍රකාශ කළා. 

ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය ඉවත් කරන්නේ නම් එ් වෙනුවට විකල්ප කී‍්‍රඩාංගනයක් කුමන ප‍්‍රදේශයක ඉදිකරන්නේද යන්න මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. කෙසේ වෙතත් ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය ඉවත් කිරීම පිළිබද අවසන් තීරණය අමාත්‍ය මණ්ඩලය හරහා ගැනීමට නියමිත බවයි කී‍්‍රඩා අමාත්‍යංශ ලේකම්වරයා Neth Sportsmen  වෙත වැඩිදුරටත් කියා සිටියේ.

ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය පිහිටා ඇත්තේ යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන ගාලූ කොටුව ආසන්නයේයි. මේ හේතුවෙන් එම කී‍්‍රඩාංගණය ඉන් ඉවත් කිරීමට අවධානය යොමු වී ඇති බවයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ඉකුත්දා ප‍්‍රකාශ කලේ. ගාල්ල පින්නදූව ප‍්‍රදේශයේ නව ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය ඉදිකිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා මීට පෙර සදහන් කළා. එ් සදහා දැනටමත් අක්කර 50ක භූමි භාගයක් වෙන් ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. 

1998 වසරේ ජාත්‍යන්තර කි‍්‍රකට් වරම් ලද ගාල්ල කී‍්‍රඩාංගණයේ මේ දක්වා ටෙස්ට් තරග 31ක් සහ එක්දින තරග 6ක් පවත්වා තිබෙනවා. ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රඩාංගණයේ පවත්වා ඇති ටෙස්ට් තරග 31න් ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණය කර ඇති තරග සංඛ්‍යාව 18ක්.