Thursday, April 25, 2024

General line - 0115112241

මත මඩින්න හමුදාව සූදානම් - හමුදාපති

දිල්ශාන් තුෂාර




මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ඉල්ලා සිටින  ඕනෑම අවස්ථාවක සහය ලබාදීමට සූදානම් බව යුද හමුදාව පවසනවා. එවැනි අවස්ථාවකදී ඒ සඳහා කාර්ය සාධක බලකායන් පිහිටුවිය හැකි බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

මත්ද්‍රව්‍ය ජාවාරම් මැ`ඩලීම ස`දහා යුද හමුදාවේ සහය ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය ද ඉකුත්දා අනුමැතිය ලබාදුන්නා. නෙත් නිවුස් ඒ පිළිබඳ කළ විමසීමකදීයි යුද හමුදාපතිවරයා ඉහත කරුණු දැක්වූයේ.