Thursday, March 28, 2024

General line - 0115112241

අද උදේ කෝච්චියෙන් ඔෆිස් ආපු හැටි (PHOTOS)




ප‍්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රියන්හි ප‍්‍රමාදයන් සිදු වනවා. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ බදුල්ලේ සිට කොළඹට ධාවනය වූ දුම්රියක් අද අලූයම අඹේපුස්ස ප‍්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වූ බවයි.

මේ වනවිට කාර්මික දෝෂය නිවැරදි කර එම දුම්රිය යළි ධාවනය කරවීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදය තවදුරටත් සිදු වනවා. 

මෙම දුම්රිය ප්‍රමාදය හේතුවෙන් ධාවනය වූ දුම්රියයන්හි එන්ජිමෙහි පවා ඉතා අවධානම්ව මගීන් ගමන් ගන්නා ආකාරය සමාජ මාධ්‍ය ජාලවල මේ අයුරින් සටහන්ව තිබුණා.