Friday, April 19, 2024

General line - 0115112241

දරුවාට මත්පැන් පෙවූ පියාට වසර 10ක් දක්වා සිර දඬුවම්!

ඩිල්ෂාන් මඩවල/ දිල්ශාන් තුෂාර




දරුවෙකුට මත්පැන් පෙවූ බවට සැකපිට ඊයේ අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් එම වරදට වරදකරුවන් වුවහොත් ඔවුන්ට වසර දහයක් දක්වා සිර දඬුවම් නියම කළ හැකි බව නීතිවේදීන් පෙන්වා දෙනවා. 1995 අංක 22 දරණ පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග‍්‍රහයේ 308 වන වගන්තියෙන් ඊට විධි විධාන සලසා තිබෙන බවයි ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීති අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න පැවසුවේ.

පිරිසක් එක්ව දරුවෙකුට මත්පැන් පොවන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉකුත් දිනවල සමාජ මාධ්‍යවල හුවමාරු වුණා. ඒ පිළිබඳ පොලිස් විමර්ශනයක් ද ආරම්භ වූ අතර සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගැණුනේ මීගලෑව පොලිසිය විසින්. මෙම සැකකරුවන්ගෙන් අයෙකු අගතියට ලක්වූ දරුවාගේ පියා වනවා. සියලූ සැකකරුවන් අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.