Thursday, April 25, 2024

General line - 0115112241

ගෝඨාභය ෆේස්බුක් සටහනක් තබමින් රට පුරා පැතිරෙන බොරුවක් හෙළිකරයි

ඩිල්ෂාන් මඩවල




2020 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂක ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තමන් නම් කළ බව සඳහන් කරමින් නිකුත් කර ඇතැයි පැවසෙන මාධ්‍ය නිවේදනය ව්‍යාජ එකක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු අවධාරණය කරන්නේ මෙම ව්‍යාජ මාධ්‍ය නිවේදනයේ සඳහන් කරුණු සම්පූර්ණයෙන් අසත්‍ය ඒවා බවයි. මේ වනවිටත් කිසියම් පිරිසක් මෙම ව්‍යාජ මාධ්‍ය නිවේදනය සමාජ ජාල ඔස්සේ වේගයෙන් පතුරුවා හරිමින් සිටින බවද ඔවුන් එසේ කරන්නේ ජනතාව නොමග යවමින් දේශපාලන ව්‍යාකූලත්වයක් ඇති කිරීමට බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය ෆේස්බුක් සටහනෙන් අවධාරණය කර තිබෙනවා.