Wednesday, April 24, 2024

General line - 0115112241

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

නිශාන් ද සිල්වා




2017 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයෙන් ඊට පෙනී සිටි අයදුම්කරුවන්ගෙන් සියයට 94කට වැඩි පිරිසක් සමත් වී තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත පැවසුවේ පාසල් 2,654කින් අයදුම්කරුවන් 1,58,805 දෙනෙකු මෙම විභාගයට පෙනී සිටි බවයි. සමත්වූවන්ගේ සංඛ්‍යාව 1,50,005 දෙනෙක්.

ඉකුත් වසරේ ඔක්තෝබර් මස 15 වනදා මෙම විභාගය පැවැත්වුණා. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් දැන් එහි ප‍්‍රතිඵල ලබාගත හැකියි. ඊට අමතරව ප‍්‍රතිඵල ලේඛන අදාළ පාසල් වෙත තැපැල් කිරීමට ද කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත නෙත් නිවුස් වෙත කියා සිටියා.