Thursday, April 25, 2024

General line - 0115112241

පොලිස් රුව සහිත ආකෘතිවල ප්‍රතිඵල පොලිසිය හෙළිකරයි




මාර්ගවල පොලිස් නිලධාරීන්ට සමාන රුව සහිත ආකෘති තැබීම සාර්ථක වී ඇති බව ඒ පිළිබඳ සිදු කළ පරීක්ෂාකිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.

මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම පොලිස් නිලධාරීන්ට සමාන රුව සහිත ආකෘති විවිධ මාර්ගවල සවි කිරීමට පුත්තලම පොලීසියේ රථවාහන අංශය පියවර ගෙන තිබුණා.

පුත්තලම පොලිස් කොට්ඨාසයේ අනතුරු බහුල ප්‍රදේශවල මේ වන විටත් එම පොලිස් රුව සහිත ආකෘති පිහිටුවා තිබෙනවා. වේග මීටරය අතැතිව රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ රුව මෙලෙස ප්‍රදර්ශනය කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.

මෙම දර්ශනය දුටු සැණින් රියදුරන් වාහන වේගය පාලනය කරන බවට පසුගිය කාලය තුළ කළ පරීක්ෂණවලදී හෙළි වූ බවයි පුත්තලම පොලීසිය පවසන්නේ. මෙම ආකෘති විවිධ ස්ථානවලට රැගෙන යා හැකි ආකාරයෙන් සකස් කර තිබීමද විශේෂත්වයක්.