Thursday, April 18, 2024

General line - 0115112241

නීතියේ හිඩැස් ගැන ක්‍රීඩා ඇමතිගෙන් නිවේදනයක්




ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට හානි කිරිම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ “ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යා ධර්ම සංග්‍රහයට පටහැනිව කටයුතු කරමින් ක්‍රීඩාවේ ජිවගුණයට හානි කිරිමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක, දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංග ගුරුසිංහ හට ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව විසින් සිදුකරනු ලැබූ පරීක්ෂණය වෙනුවෙන් එකී ක්‍රීඩකයින් සහ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිමින් සියලු දෙනා අදාල චෝදනා සඳහා නිවරදිකරුවන් බවට කරුණු දැක්වීමට අප විසින් ගනු ලැබූ සියලු ප්‍රයත්නයන් වියර්ථ වී ඔවුන් සියලු දෙනාම විමර්ශනය සිදු කල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධිකරණය කොමසාරිස්වරයා විසින් වැරදිකරුවන් බවට පත්කිරීමට තීරණය කිරීම පිළිබඳව මා මහත් සිත් තැවුලට පත් විය." යනුවෙනි.

(එහි සම්පූර්ණ නිවෙදනය පහතින් දැක්වෙයි)