Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - ජෝර්ජියා සබඳතා තර වේ (PHOTOS)




අසීමිත බලය සහ දූෂණය අතර සබැඳියාව බිඳ හෙලීමට ඉකුත් වසර 03 තුළ ශී‍්‍ර ලංකාව වැදගත් පියවර රැසක් තැබූ බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ජෝර්ජියාවේ පැවැත්වන විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට එක්වෙමින්. 

විධායකය සතුව තිබූ අසීමිත බලය පාර්ලිමේන්තුවට පවරා දුන් බවත්, අධීකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවර ගත් බවත් ජනාධිපතිවරයා මෙහිදි ප‍්‍රකාශ කළා. එසේම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඇතුළු සියලූ කොමිෂන් සභා අද (18) ශක්තිමත් වී ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර ජෝර්ජියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජෝර්ජියා ජනාධිපති Giorgi Margvelashvili අතර නිල හමුව අද (18) සිදු වුණා.

ජෝර්ජියා ජනාධිපති මන්දිරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජෝර්ජියානු ජනාධිපතිතුමා විසින් ඉතා හරසරින් යුතුව පිළිගනු ලැබූ අතර අනතුරුව නායක දෙපළ අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණා.