Friday, March 29, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උදව් දෙන ඇමති ගැන නෙත් නිවුස් කළ අනාවරණයට ෆොන්සේකාගෙන් ප‍්‍රතිචාර

සජිත් තිලකරත්න/පසන වික්‍රමතිලක




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලිස් දැලෙන් නිදහස් කර ගැනීමට ප‍්‍රබල අමාත්‍යවරයෙකු ද මැදිහත් වී ඇතැයි නෙත් නිවුස් සහ ලංකාදීප පුවත්පත කළ අනාවරණය සම්බන්ධයෙන් අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (18) අදහස් පළ කළා.

ඒ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී "ඒගොල්ලෝ අපිට වැඩ කරන කට්ටිය. ඒගොල්ලොන්ට විරුද්ධව නඩු නෑ. චෝදනා කිසිවක් තියෙන කට්ටිය නෙමෙයි. ඉන්න එක්කෙනෙකුට ඉස්සර එක නඩුවක් තිබිලා තියෙනවා. හැබැයි මම දැනුවත්ව නම් ඒ මිනිස්සු කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට දේශපාලනය කරන හැම කෙනාටම නඩු තියෙනවාද කියලා අපි අහන්නේ නෑ." යනුවෙන් සඳහන් කළා.

තවත් කරුණු ඇතුළත් එම හඬපටය පහතින් අහන්න 

තමාගේ ආධාරකරුවන්ට එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත කියා සිටියේ. 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලිස් අත්අඩංගුවෙන් නිදහස් කර ගැනීමට අමාත්‍යවරයෙකු මැදිහත් වී ඇතැයි නෙත් නිවුස් කළ අනාවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද ඊයේ (17) ප‍්‍රශ්න කෙරුණා. 

නෙත් නිවුස් මෙන්ම ලංකාදීප පුවත්පත ද පළ කළ අදාළ වාර්තාවන්හි දැක්වුණේ මෙම අමාත්‍යවරයාගේ ආධාරකරුවන් අතර පාතාලයට සම්බන්ධ පිරිස්ද වන බවයි.