Saturday, April 20, 2024

General line - 0115112241

ප්‍රබල ඇමතිගේ පාතාල රැකවලුන් ගැන ගන්න පියවර අගමැතිගෙන් අහයි (VIDEO)

හරිත පෙරේරා




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලිස් දැලෙන් නිදහස් කර ගැනීමට ප‍්‍රබල අමාත්‍යවරයෙකු ද මැදිහත් වී ඇතැයි නෙත් නිවුස් කළ අනාවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ති‍්‍ර පද්ම උදයශාන්ත අද (18) අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ "මේ නෙත් නිවුස් වෙබ් අඩවියෙ පළ වුණු වාර්තාව විමල් වීරවංශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අරුණ අත්තනායක නොහොත් පොලිස්..මේ පාතාලේ නම පොලිස්..කලින් පොලිසියේ හිටපු..දැන් පාතාලේ.. ඔහු වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා ගිය උත්සවවල ඉන්නවා..ඒවා පැහැදිළිව ඡායාරූපවල තියෙනවා. දැන් මේක හෙළි කරාට පස්සේ නෙත් නාලිකාවට තර්ජන එනවා. අපි අගමැතිතුමාගෙන් අහන්නේ මේ පාතාලේ ක්‍රියාකාරීන්..මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇමතිවරුන්ගේ රැකවලුන් ලෙස ඉන්නවා නම් පවතින යහපාලනය කුමක්ද?" යනුවෙනි.

පාර්ලිමේන්තු මන්ති‍්‍ර පද්ම උදයශාන්ත මෙම අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්ෂය අද (18) කැඳවූ මාධ්‍ය හමුවකදීයි.

(මේ සම්බන්ධයෙන් තවත් අදහස් මෙම වීඩියෝවෙන් දැක්වෙයි)