Friday, April 19, 2024

General line - 0115112241

ආන්දෝලනාත්මක නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය ගැන අද දිගහැරේ

තරංග රුක්ෂාන්/ ලහිරු කපුගේ




නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මගින් සිදු කළ ආන්දෝලනාත්මක අනාවරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් අද (19) පැවැත්වෙනවා. ඊට අදාළ යෝජනාව ගෙන එන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

මෙම විවාදය හරහා අදාළ පුවත පිළිබඳ බොහෝ කරුණු හෙළි කර ගැනීමට හැකිවෙතැයි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර නෙත් නිවුස් වෙත කියා සිටියා.

මෙම විවාදය හරහා තවත් වංචා පිළිබඳ තොරතුරු රැසක් හෙළි කරන බවයි ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රකාශ කළේ. ඊට අදාළ තොරතුරු තමන් සතුව දැනටමත් පවතින බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර නලින්ද ජයතිස්ස සඳහන් කළා.

කෙසේවෙතත් මෙම විවාදය සාර්ථක විවාදයක් නොවන බවත්, එය මඩ ගැසීමේ විවාදයක් ලෙස නම් කරන බවත් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශෙහාන් සේමසිංහ නෙත් නිවුස් වෙත කියා සිටියා.

මැතිවරණ කටයුතු සඳහා චීනය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මුදල් ලබා දී ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඉකුත් දා අනාවරණ කළා. එහෙත් එම ප‍්‍රවෘත්තිය ප‍්‍රතික්ෂේප කරන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ. චීන විදේශ කටයුතු අමාත්‍යාංශයද පැවසුවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත කිසියම් යටි අරමුණක් ඇතිව පළ කරන ලද්දක් බවයි.