Wednesday, April 24, 2024

General line - 0115112241

ප්‍රබල ඇමතිගේ පාතාල රැකවලුන් ගැන තවත් තොරතුරු හෙළිවෙයි (UPDATE)




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලිස් දැලෙන් නිදහස් කර ගැනීමට ප‍්‍රබල අමාත්‍යවරයෙකු ද මැදිහත් වී ඇතැයි නෙත් නිවුස් කළ අනාවරණය සම්බන්ධයෙන් මේ වන විට තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

 
 

ඉහත ඡායාරූපවල දැක්වෙන ඉසුරු අත්තනායක හෙවත් වරුණ නැමැති මොහු පෑලියගොඩ පොලිස් ස්ථානයේ රාජකාරී කළ නිලධාරියෙකු වූ අතර මොහු රාජකාරි කරන අතරතුර ප්‍රධානපෙලේ පාතාල සාමාජිකයින් වන පෑලියගොඩ ගිහාන් ශාමිල් සඳරුවන් සහ බැරල් සංඛ යන සාමාජිකයින් දෙදෙනා සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

 
 

ඉහත ඡායාරූපයේ සිටින්නේ මංජුල චමින්ද ඇල්වෙල නොහොත් මල්වත්ත මංජු. පාතාල ක්‍රියාකාරකම් සහ මත්කුඩු ජාවාරම් කටයුතු සිදු කරගෙන යනු ලබන පුද්ගලයෙකු වන අතර අනවසර ගිනිඅවි 03ක් සන්තකයේ තබාගෙන ඇති බවට චෝදනා එල්ල වනවා. මත්කුඩු ළඟ තබා ගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට විරුද්ධව නඩු රැසක් ඇති බවද සඳහන්. 

 

 

ඉහත ඡායාරූපවල සිටින්නේ නිරෝෂන් නයනජිත් ඒකනායක නැමැත්තායි. පෑලියගොඩ අවට ප්‍රදේශවල මත්කුඩු සහ මත්පෙති ජාවාරමේ නිරතව සිටින පුද්ගලයෙකු බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. ඔහු පෑලියගොඩ නගරසභා මැතිවරණය සඳහා ලියාපදිංචි වී සිට ඇති බවත් විෂයා නැමැති අපරාධකරුට සහය දක්වන නිහාල් ආනන්ද නොහොත් 'කනේ මයිලා' නැමැත්තා ඔහුගේ මාමා කෙනෙකුද වනවා.    

(මේ සම්බන්ධ මීට පෙර පළ වූ පුවත් පහතින් දැක්වෙයි)

ප්‍රබල ඇමතිගේ පාතාල රැකවලුන් ගැන ගන්න පියවර අගමැතිගෙන් අහයි (VIDEO)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උදව් දෙන ඇමති ගැන නෙත් නිවුස් කළ අනාවරණයට ෆොන්සේකාගෙන් ප‍්‍රතිචාර

නෙත් නිවුස් වෙත ඇමතිවරයෙක් කළ බලපෑම පාර්ලිමේන්තුවේත් අවධානයට

පෑලියගොඩ ක‍්‍රිස්ටෝ සහ නයනජිත්ට සහය දෙන ඇමති (PHOTOS)