Thursday, April 25, 2024

General line - 0115112241

මරණ දඩුවම නියම වී සිටින රැදවුවන්ට සහය ලැබෙන හැටි හිටපු අධිකරණ ඇමති කියයි



මත්ද්‍රව්‍ය ජාවාරමට මරණ දඩුවම නියම වී සිටින පුද්ගලයින්ට එම දඩුවම කි‍්‍රයාත්මක කිරීමෙන් පමණක් ගැටළුවට විසදුමක් නොලැබෙන බව උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එවැනි රැඳවියන්ට බන්ධනාගාරය තුළ සිටම මත්කුඩු ජාවාරම මෙහෙයවීමට ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගේද සහාය ලැබෙන බවයි.

හිටපු අධිකරණ ඇමතිවරයෙකුද වන අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මෙම අදහස් පළ කළේ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ (18) රාත්‍රියේ එක්වෙමින්.

බන්ධනාගාරය තුළ සිට කි‍්‍රයාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්වීමට අවශ්‍ය නම් බන්ධනාගාරය තුළ ඇති නිලධාරීන්ගේ මාෆියාවද නතර කළයුතු බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)