Friday, April 19, 2024

General line - 0115112241

කොළඹට පැය 09ක් වතුර කැපේ

තරංග රුක්ෂාන් ජයසේකර




කොළඹ ප‍්‍රදේශ රැසකට හෙට (20) රාතී‍්‍ර 9.00 සිට සෙනසුරාදා පෙරවරු 6.00 දක්වා පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 13, 14 සහ 15 යන ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව බේස්ලයින් පාරේ කැළණි පාලම හංදියේ සිට දෙමටගොඩ හංදිය දක්වා ප‍්‍රධාන මාර්ගයේ සහ ඊට සම්බන්ධිත සියලූ අතුරු මාර්ගවලද හෙට්ටිවීදිය සහ සියලූ අතුරු මාර්ගවලද ජලසැපයුම අත්හිටුවීමට නියමිතයි. මීට අමතරව පිටකොටුව ප‍්‍රදේශයට අඩුපීඩනයක් යටතේ ජලය සපයන බවද ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප‍්‍රකාශ කළා.