Friday, April 19, 2024

General line - 0115112241

හෙට තරගයත් සමග SSC පිටිය වාර්තා පොත් අතරට

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර හෙට (20) ආරම්භ වන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණය වාර්තා පොත් අතරට එක් වනවා.

ඒ, වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් පැවැත්වූ ආසියාවේ කී‍්‍රඩාංගණය ලෙසටයි.

1984 දී එස්. එස්. සී. කී‍්‍රඩාංගණය ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 41 ක්. ටෙස්ට් තරග 41 බැගින් පවත්වා කොල්කටා ඊඩ්න් ගාර්ඩ්න් සහ කරච්චි ජාතික කී‍්‍රඩාංගණය එස්. එස්. සී. කී‍්‍රඩාංගණය සමග සම තත්ත්වයේ පසු වනවා.

ඒ අනුව ශී‍්‍ර ලංකා දකුණු අපි‍්‍රකා හෙට පැවැත්වෙන ටෙස්ට් තරගය එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන 42 වන ටෙස්ට් කි‍්‍රකට් තරගය වනු ඇති.

මෙම කී‍්‍රඩාංගණය ශී‍්‍ර ලංකාවේ ටෙස්ට් තරග ඉතිහාසය අතින් ගත් කළ වැදගත් කී‍්‍රඩාංගණයක්. කී‍්‍රඩකයෙකු එක් කී‍්‍රඩාපිටියක රැස්කළ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවේ වාර්තාව මහේල ජයවර්ධන විසින් පිහිටවනු ලැබුවේද කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදීයි.