Saturday, April 20, 2024

General line - 0115112241

අපරාධ කල්ලියක් සැළකියයුතු කාලයක් පවතින හේතු මෙන්න




පාතාල සාමාජිකයින් සහ දේශපාලඥයින් අතර ඇති සබඳතා පිළිබඳ උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ අදහස් පළ කළා.

ඒ, නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට ඊයේ (18) රාතී‍්‍ර එක්වෙමින්.

අමාත්‍යවරයා එහිදී කියාසිටියේ කිසියම් සංවිධානාත්මක අපරාධ කල්ලියක කි‍්‍රයාකාරකම් සැළකිය යුතු කාලයක් පවතින්නේ නම් ඔවුන්ට පොලීසිය හෝ දේශපාලඥයින්ගේ රැකවරණයක් ලැබෙන බවයි.

අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ වැඩි දුරටත් පෙන්වා දුන්නේ ඉකුත් සමය සැසදීමේදී පාතාල කි‍්‍රයාකාරකම්වල යම් වැඩි වීමක් දක්නට ලැබෙන බවයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුව ඇති බවත් පාතාල කි‍්‍රයාකාරකම් මර්දනය කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් තවත් අදහස් පළ වූ  නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට මෙතැනින් පිවිසෙන්න.
 

තවත් පුවත් මෙතැනින්..

ප්‍රබල ඇමතිගේ පාතාල රැකවලුන් ගැන තවත් තොරතුරු හෙළිවෙයි (UPDATE)

ප්‍රබල ඇමතිගේ පාතාල රැකවලුන් ගැන ගන්න පියවර අගමැතිගෙන් අහයි (VIDEO)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උදව් දෙන ඇමති ගැන නෙත් නිවුස් කළ අනාවරණයට ෆොන්සේකාගෙන් ප‍්‍රතිචාර

නෙත් නිවුස් වෙත ඇමතිවරයෙක් කළ බලපෑම පාර්ලිමේන්තුවේත් අවධානයට

පෑලියගොඩ ක‍්‍රිස්ටෝ සහ නයනජිත්ට සහය දෙන ඇමති (PHOTOS)