Saturday, April 20, 2024

General line - 0115112241

මහින්දගේ උපදෙස් මත පොලිසියට පැමිණිල්ලක්

තරංග රුක්ෂාන්/ පසන් වික්‍රමතිලක




2020 ජනාධිපතිවරණය යන සිරස්තලය යටතේ වන ලේඛණයක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

නීතිඥ පේ‍්‍රමනාත් දොළවත්ත නෙත් නිවුස් වෙත කියාසිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.

අදාළ ලේඛණය ව්‍යාජව සකස් කළ එකක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය ඊයේ (18) ප‍්‍රකාශ කළා. 2020 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂක ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම් කරනු ලැබ ඇති බවයි එහි දැක්වුණේ. එහෙත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරණය සඳහා මේ දක්වා කිසිවෙකුත් නම් කර නොමැති බවයි. 

මෙම ලියවිල්ල ව්‍යාජ එකක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කළා.