Saturday, April 20, 2024

General line - 0115112241

පගාවගත් ප්‍රාදේශීය ලේකම්ට සිර දඬුවම් නියම කෙරේ




රුපියල් 50, 000 ක මුදලක් අල්ලසක් වශයෙන් ලබා ගැනීමේ චෝදනාවට වැරදිකරු වූ අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම් මොහොමඩ් හනීෆා මොහොමඩ් නියාස්ට කොළඹ මහාධිකරණය අද (19) වසර 5ක සිර දඬුවමක් නියම කළා.

ඊට අමතරව රුපියල් දස දහසක දඩයක් ගෙවීමටද නියෝග  කළා.

2012 වසරේ මැයි මස 16 වන දා කළුගල් ව්‍යාපාරිකයෙකු වන අසංක රණවකට පුපුණ ද්‍රව්‍ය බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබාගත් බවට චෝදනා කරමින් අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබුණා.

අල්ලස අද සමාජ ව්‍යසනයක් බවට පත්වී ඇති බවත් එම නිසා දඬුවම් පැමිණවීමේදී විත්තිකරු දෙස පමණක් නොව සමාජය ගැනද සිතා දඬුවම් නියම කරන බව මහාධිකරණ විනිසුරුවරයා අවධාරණය කළා.