Friday, April 19, 2024

General line - 0115112241

මොහු හඳුනනවාද?




මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.

මෙම සැකකරුවා සුප්පයියා ත්‍යාගරත්නම් නොහොත් ත්‍යාගෝස් නමැත්තෙක්. 39 වන වියේ පසුවන ඔහු වැල්ලවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට ද හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මේ වනවිට ඔහු එම ප‍්‍රදේශය අතහැර පලාගොස් සිටින බවයි පොලිසිය පවසන්නේ. 

සමාගමකට අගරු චෙක්පතක් ලබාදී රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ බවට සුප්පයියා ත්‍යාගරත්නම් චෝදනා ලබා සිටිනවා. ඔහුට එරෙහිව නඩු පවරා ඇත්තේ කොළඹ මහාධිකරණයේයි.

මොහු පිළිබඳ තොරතුරක් වෙතොත් 011 – 2395248 අංකය ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයට දැනුම් දෙන්න.