Friday, March 29, 2024

General line - 0115112241

18 හැවිරිදි තරුණියගේ කාමරයට නිරුවතින් ඇතුළු වූ තිදරු පියා වහලයේ තහඩුවකුත් කඩාගෙන පැන ගිහින්

ලලිත් චාමින්ද - ගාල්ල




අක්මිමන බටදුව හිරළුගොඩ ප්‍රදේශයේ නිවසකට නිරුවතින් ඇතුල් වු තිදරු පියෙකු අද (19) දහවල් අත්අඩංගුවට ගත්බැව් අක්මිමන පොලිසිය පවසනවා. මොහු අද (19) අළුයම 1.30ට පමණ මෙම නිවසේ වහලයේ උළු ඉවත්කොට නිරුවතින් නිවසට ඇතුල් වි ඇත.

නිවසේ සිට ඇත්තේ මව හා දියණියන් දෙදෙනා පමණි. නිරුවතින් නිවසට ඇතුල් වු තිදරු පියා නිදි යහනේ සිටි නිවෙස්හිමි කාන්තාවගේ 18 හැවිරිදි වියේ පසුවු දියණියකගේ කාමරයට නිරුවතින් ගොස් ඇත. මේ සමග දියණිය කෑගසා ඇති අතර පසුව මෙකි පුද්ගලයා නිරුවතින්ම වහලයට නැග සෙවලි තහඩුවක්ද කඩාගෙන දිව ගොස් ඇති බව පොලිසිය කියයි.

මෙකි සිද්ධිය සම්බන්දව ඇය තම මවත් සමග පොලිසියට පැමිණ මේ පිළිබඳව පැමිණිලි කිරීමෙන් අනතුරුව, අදාල සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු අසල්වැසි අයකු බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

මෙකි තිදරු පියා මිට පෙරත් නිවෙස්වල ඇති නානකාමරවලට එබිකම් කොට හසුවු අයකු බවද පොලිසිය පවසයි. මොහු මානසික වෛද්‍යවරයකු වෙත යෙමු කිරිමට නියමිතව ඇති අතර අක්මිමන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප නිශාන්ත ද සිල්වා විසින් සැකකාර තිදරු පියා තරුණියකට නිරුවත ප්‍රදර්ශනය කරමින් ලිංගික අතවර කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.