Sunday, December 16, 2018
Hotline - 0770586666

විජයකලාගේ ප්‍රකාශය ගැන මාධ්‍යවේදීන්ගෙන් සහ දිසාපතිගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

දිනසේන රතුගමගේ/ ලහිරු කපුගේ

1984Views

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඉකුත්දා කළ මතභේදාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඇය එම ප‍්‍රකාශය කළ අවස්ථාව ආවරණය කළ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ද පොලිසිය ප‍්‍රකාශ ලබා ගෙන තිබෙනවා. විජයකලා මහේෂ්වරන්ගේ එම ප‍්‍රකාශය ඇතුළත් මාධ්‍යවේදීන් සතු වීඩියෝ දර්ශන ද පොලිසිය විසින් ලබාගෙන ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

යාපනය දිස්ත‍්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම්ගෙන් ද පොලිසිය මේ පිළිබඳ ප‍්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. විජයකලා මහේෂ්වරන්ගෙන් ද මීට පෙර ප‍්‍රකාශයක් ලබාගත් බවයි පොලිසිය පැවසුවේ. උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ගෙන් ද පොලිසිය ප‍්‍රකාශයක් ලබාගෙන තිබුණා.