Friday, April 19, 2024

General line - 0115112241

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් බන්ධනාගාරයේ සිට අපරාධකරුවන් සමග සබඳතා පවත්වලා - දුරකතන සිම් පතින් හෙළිවෙයි




පර්පචුවල් ටෙ‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී දුරකතනය මගින් විවිධ අපරාධවලට සම්බන්ධ තැනැත්තන් සමග සම්බන්ධතා පවත්වා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. රක්ෂිත බන්ධනාගාරයේ අර්ජුන් ඇලෝසියස් රඳවා සිටින වාට්ටුවේ තිබී සොයාගත් දුරකතන සිම්පත්වල විස්තර වාර්තාවන්ගෙන් මෙම තොරතුරු හෙළි වූ බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

මෙම වරද සම්බන්ධයෙන් ඉදිරියෙදී අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව වෙනම ක‍්‍රියාමාර්ග ගන්නා බවද නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවා. 

මේ අතර අර්ජුන ඇලෝ්සියස් සහ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන මස 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මෙහිදී නියෝග කළේ. ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඔවුන් චෝදනා ලබා සිටිනවා.